Wednesday, July 29, 2009

පෙනුම වෙනස් කළෙමි...

අවසාන වරට සටහනක් තැබුවේ ජූලි 3 වෙනිදා. ඊට පස්සේ අද මේ දැං වෙනකම් මුකුත්ම ලිව්වේ නෑ. ලියන්න දේවල්නම් බොහොමයි. ඒත් ලියන 1 ටිකකට නතර කරලා කියවන්න පටන් ගත්තා. සින්ඩියේ තියෙන බ්ලොග්වලින් 75% විතර මේ දවස් ටිකේ කියෙව්වා. ඉතුරු ටිකත් ඉක්මනටම කියෝලා ඉවර කරන්න ඕනේ. තේරුන විදියට බ්ලොග් අවකාශයෙනුත් අපි ජීවත් වෙන සමාජය හරි ලස්සනට නිරූපණය වෙනවා. සාමාන්‍ය සමාජයේදි අපි දකින හැම චරිතයක්ම මෙතනදීත් ඒ විදියටම දකින්න පුලුවන්. ඒත් වෙනස, මෙතනදී අපි පෙනී හිටින්නේ ගොඩක් වෙලාවට අන්වර්ත නමකින් වීමයි. ඒ නිසා ඇත්ත ජීවිතේදී මූණට හමුවෙලා කතා කළත් දන්නේ නෑ මේ සින්ඩියේ ඉන්න අහවලා කියලා(ළගදී එහෙම වැඩක් උනා).


මෙච්චර වෙලා කිව්වේ අතුරු කතාවක්. මේකයි ප්‍රධාන කතාව. බ්ලොග් 1 පෙනුම වෙනස් කරන්න හිතුනා. ඉස්සර තිබුන පෙනුම හරියට පරණ ලොරියක වගේ. දැං 1ත් ලාවට ඒ වගේ තමා. ඒත් ඉතින් තාම අලුත් නේ. මේකේ ලියන ඒවා අනං මනං ඔක්කොම ජාති මට හොදට පේනවා. ඒත් ඒකෙන් සත 5ක වැඩක් නෑ. මේකෙ ලියපුවා පේන්න ඕනෙ ඔයාලාට. ඒක නිසා පෙනුම වෙනස් කරපු මගේ බ්ලොග් 1 වර්ථමාන දර්ශන තත්වය ගැන ඔයාලාගේ අදහස ඉඩ තියෙන වෙලාවක හෙමින් සීරුවේ කියන්න.

එහෙනම්, හෙට අනිද්දට තව සටහනක් එක්ක "රනා ලියන බ්ලොග්" තුළින් හමුවෙමු.

එතකම්,
ජය වේවා....

Friday, July 3, 2009

Ubuntu වලට password නැති user account 1 ක් හදමු...

Ubuntu වලට password නැතිව log වෙන්නේ කොහොමද කියන 1 කාලෙක ඉදං මට හිතුන දෙයක්. සුපුරුදු විදියට පැය ගොඩාක් වියදම් කරලා හෙව්වම ubuntu forum 1 ක තිබිලා උත්තරේ හොයා ගත්තා. දැං වැඩේ කරන විදිය බලමු.

1. ඉස්සෙල්ලාම සාමාන්‍ය විදියට user account 1ක් හදාගමු. ඒකට
Terminal 1 ට ගිහින් පහත command 1 type කරන්න. මම හදන user account එකේ නමත් user.

useradd -d /home/user -s /bin/bash user

මේකේ -d වලින් වෙන්නේ අපි හදන user ගේ home directory 1 හදන 1. සාමාන්‍යයෙන් home directory 1 පහත විදියට දෙන්න පුලුවන්.

/home/user

-s වලින් වෙන්නේ අපේ user ගේ login shell 1 හදන 1. උදාහරණයක් විදියට :

/bin/bash

එතකොට සම්පූර්ණ command 1 type වෙන්නේ මෙහෙමයි.

useradd -d /home/user -s /bin/bash user



2. ඊළගට Terminal 1 ට ගිහින් පහත command එක type කරන්න.

sudo vi -B /etc/shadow

මේ shadow කියන file 1 තමා අපි හදන user ලාගේ usernames සහ passwords ඔක්කොම save වෙලා තියෙන්නේ.

3. ඒ file 1 ඇතුලේ තියෙනවා අපේ user ගේ විස්තර ටික. ඒක ටිකක් මේ වගේ. ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. ඒක එච්චර අවුලක් කරගන්න එපා.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::




4. ඉහත දක්වපු අපේ user ගේ record එකේ දෙවෙනියට තියෙන කොටස මම bold කරලා තියෙන්නේ.

user:$6$Gytieuyehvbkk$32kdnnhDNdihESasakSWQcklW:13721:0:99999:7:::

bold කරපු කොටස වෙනුවට පහත bold කරලා තියෙන කොටස paste කරන්න.

user:U6aMy0wojraho:13721:0:99999:7:::




5. ඊළගට file එක, save කරලා exit වෙන්න.

දැං අපිට පුලුවන් ඒ හදපු user account 1ට password 1ක් නොදී log වෙන්න.

කරලා බලන්න.....

ජය වේවා....