ලොව කොතැනක හෝ උත්සව අවස්ථාවක්, ප්‍රිය සම්භාශනයක්, ත්‍යාග ප්‍රධානෝත්සවයක්, වාර්ෂික සාදයක් හෝ මොනයම් හෝ ඒ හා සමාන අවස්ථාවකදී එම උත්සවයට සම්බන්ධවීමට එම උත්සවය සංවිධානය කරනා පාර්ශවයන් විසින් සමාජයේ උසස් යැයි සම්මත තලයන්හි සිටිනා පුද්ගලයින්ට ආරාධනා කිරීම සිරිතකි. එසේ ආරාධනා ලැබූ පුද්ගලයෝ ආරාධිත අමුත්තන් යන නමින් හැදින්වේ. තමන්ගේ උත්සව අවස්ථාවන් සදහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම කව්රුන් විසින් කුමන කාලයකදී ආරම්භ කරන ලද්දේදැයි නිශ්චිතවම පැවසිය නොහැකිමුත් අනාදිමත් කාලයක සිට සිරිතක් ලෙස එය සිදුවෙමින් පවතී. මෙම සිරිත වර්ථමානයේදීත් ක්‍රියාත්මක වන අතර අනාගතයේදීද වෙනස් නොවනු ඇතැයි අපේක්ෂා කළ හැක.
මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබන්නේ බොහෝ විට සමාජය විසින් ප්‍රභූන් ලෙස වර්ග කර ඇති කොට්ඨාශයයි. වර්ථමාන ශ්‍රී ලංකාවේදී දේශපාලකයින්, රජයේ ඉහළ මට්ටමේ සේවකයින්, පූජ්‍ය පක්ෂයේ ස්වාමීන් වහන්සේලා, පෞද්ගලික අංශයේ ධනවතුන් වැන්නන් ඉහළ මට්ටමේ උත්සවයන් සදහා ආරාධනා ලබයි. බොහෝ විට ග්‍රාමීය මට්ටමේදි ගමේ ආගමික ස්ථානයේ පූජක උතුමන් වහන්සේ, ගමේ සමාජ සේවකයින්, ගුරුවරුන්, ප්‍රාදේශීය දේශපාලකයින්, ගමේ විශාලතම වෙළද ව්‍යාපාරිකතුමන් යනාදීන් ආරාධිත අමුත්තන් ලෙස ආරාධනා ලබයි. කොයි සමාජ තලයේදී වුවත් එකම කාණ්ඩයකට අයත් වන පුද්ගලයින් (උදා. ආගමික, දේශපාලන, ව්‍යාපාරික) මෙලෙස ආරාධිතයන් ලෙස පැමිණෙන බව දැකිය හැක.
අද දවසේ මෙම ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙලෙස පැමිණෙන ආරාධිත අමුත්තන්ගේ භූමිකාව පිළිබදවය. බොහෝ විට සංවිධායක මණ්ඩලය මෙලෙස ආරාධිත අමුත්තන් ලෙස ප්‍රභූන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන්නේ තමන්ගේ උත්සවයට ඔවුන්ගේ පැමිණීම මගින් ආලෝකයක් එකතු කරගැනීමට වේ. එමෙන්ම සමාජයේ ප්‍රභුන් යැයි පිළිගැනෙන පුද්ගලයින් තමන්ගේ උත්සව සභාවට සම්බන්ධ වීමෙන් තම උත්සවයේ වටිනාකම වැඩිවෙන බව බොහෝවිට සංවිධායක මණ්ඩලයේ යටිහිතේ පැළපදියම්ව තිබෙන කරුණක් වේ. සැබෑම කරුණ නම් බොහෝවිට ආරාධනා පත්‍ර නිර්මාණය කරගෙන සහ බොහෝ වෙහෙස වී ප්රභූන්ට එම ආරාධනා පත්‍ර පිළිගන්වමින් ඔවුන්ව සම්බන්ධ තම උත්සවයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්නේ ඉහතින් සදහන් කළ කරුණු හේතුවෙනි.
එළෙසින් ආරාධනා ලබනා පුද්ගලයින්ගෙන් එම උත්සව සභාවට අවශ්‍ය, එහි සංවිධායකයින් බලාපොරොත්තුවන ආලෝකය නොලැබේ නම් එය ඉතාම කණගාටුවට කරුණකි. උදාහරණයක් ලෙස යම් කිසි උත්සවයකට සහභාගීවන ප්‍රධාන ආරාධිත අමුත්තා නොපැමිණීමෙන් හෝ ඉතා කෙටි කාලයකින් එම උත්සව භූමියෙන් පිටව යාමෙන් එකී සංවිධායකයින් විසින් දරණ ලද මහන්සිය යම් තරමකට හෝ අපතේ යාම සිදුවන බව ලේඛකයාගේ මතයයි. මෙම ලිපිය කියවන ඔබද එම අත්දැකීම ජීවිතයේ එක වාරයක් හෝ සමහරවිට බොහෝවාරයක් අත්දැක තිබෙනවා වෙන්නට ඇති ඉඩ ඉතාමත්ම ඉහළ වේ. ලේඛකයා විසින් මූලිකත්වය ගෙන හෝ සහසම්බන්ධවී සංවිධානය කරන ලද බොහෝ අවස්ථාවලදී මෙය සිදුවී ඇත. එම ප්රභූවරයා අතිශය කාර්ය බහුල පුද්ගලයෙක් නම් එලෙස උත්සවය අතර මැදදී පිටව ගියාට කම් නැත. නමුත් එසේ නොවේනම්?
බොහෝවිට මෙලෙස ආරාධිත අමුත්තන් පිටව යාම හේතුවෙන් සිත් තැවුල් ඇතිවන්නේ උත්සව අවස්ථාවකදී ගායනය, නර්තනය වැනි අංගයන්ගෙන් උත්සවය රසවත් කිරීමට සූදානම්ව සිටිනා පිරිසටය. ලේඛකයාගේ අත්දැකීමකින්ම එය විස්තර කිරීම අපහසු නොවන්නේ එවන් අත්දැකීම් ඔහුගේ ජීවිතයේ අනන්තවත් ඇති බැවිනි. මේ එවන් එක් අත්දැකීමකි.
ලේඛකයා දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. මීට වසර කීපයකට (මහ විශාල ගණනක් නොවේ) පෙර ඔහු ඉගැන්වීම සිදුකරනා දහම් පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය සදහා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන ලෙසට ආරාධනා කරන ලද්දේ රටේ ඉහළම පුද්ගලයෙකු හටය. මේ උත්සවය නැටුම් දෙකකින් සහ එක් ගීතමය අංගයකින් රසවත් කිරීමට සූදානම් කරන ලද්දේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන පුද්ගලයා සැබවින්ම අතිශය කාර්ය බහුල පුද්ගලයෙකු වූ බැවිනි. එම නර්තන අංගයන් සහ ගීතමය අංගය පුහුණු කිරීම භාර වූයේ ලේඛකයාට සහ තවත් ගුරුවරියන් දෙදෙනෙකු හටය. ඔවුන් තිදෙනාම එම අංගයන්හි සිටි දරුවන්ට පැහැදිලි කරන ලද්දේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන්නේ අහවල් පුද්ගලයා බැවින් දහම් පාසලේ තත්වය සහ ගෞරවය රැකෙන පරිදි එම කටයුත්ත ඉතා විශිෂ්ඨ ලෙස සිදු කළ යුතු බවය. ගුරුවරුන්ගේ අදහස සහ ඉල්ලීම පිළිගත් ළමුන් තම උපරිමය ඒ ඒ අංගයන් වෙනුවෙන් ලබා දුනි. ප්‍රධාන අමුත්තා ලෙස පැමිණි පුද්ගලයා උත්සවය ආරම්භ කිරීමට නියමිත වේලාවට වඩා ස්වල්ප වේලාවක් (මිනිත්තු 30ක් පමණ) ප්‍රමාදව පැමිණිය අතර ඉතාම කෙටි කථාවක් පවත්වා ත්‍යාග දෙක තුනක් වේගයෙන් දී උත්සව සභාවෙන් පිටව ගියේ තමන් ඉතා කාර්ය බහුල බැවින් තවත් ස්ථාන කීපයකටම යා යුතු බව ප්‍රකාශ කරමිනි. ගැටළුවක් නැත. ඔහු සැබවින්ම කාර්ය බහුල බව සත්‍යයකි.
නියම සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. අසවල් පුද්ගලයා ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන බව ආරාධනා පත්රයේම පැහැදිලිව සටහන් කොට තැබූ නිසා ආරාධනා පත්‍ර භාර දුන් අනෙකුත් සියළුම ආරාධිතයෝද පැමිණ සිටියහ. එම ප්‍රධාන අමුත්තා උත්සව සභාවෙන් පිටව ගිය පසු අනෙකුත් බොහෝ ආරාධිතයෝද උත්සව සභාව හැර ගියේ එදිනට යොදාගත් වැඩ රාශියක් ඇති බැවින් තමන්ද අතිශයින් කාර්ය බහුල යැයි ප්‍රකාශ කරමිනි. සැබෑම කරුණනම් ඔවුන් සැවොම වාගේ පැමිණ සිටියේ ප්‍රධාන අමුත්තාට තමාගේ මූණත්තහඩුව පෙන්වීමට මිසක් උත්සවය සදහා නොවේ. "ප්‍රධාන අමුත්තා පිටව ගිය බැවින් අපිත් යනවා " කියා යන්නට තරම්වත් සදාචාරයක් ඔවුන්ට නොවූ අතර ඔවුන් ප්‍රකාශ කළේ "අතිශය කාර්යබහුල බැවින්" එම ස්ථානයෙන් පිටත් වන බවයි. ප්‍රධාන අමුත්තා පිටව ගොස් වැඩි වේලාවකට මත්තෙන් වේදිකාවේ ඉදිරිපෙළ ආසන පේළි දෙකම හිස් වූයේ පැමිණ සිටි සියළුම ආරාධිත අමුත්තන්ගේ අතිශය කාර්යබහුලත්වයට පින් සිදු වන්නටය.
අවසානයට තිබූ නර්තන අංගයේ සිටි එක් කටකාර සිසුවෙක් කීවේ "සර්, අපි නැටුවේ හිස් පුටුවලටනේ!!!" කියලාය. ගුරුවරුන් වශයෙන් ලේඛකයා සහ අනෙත් ගුරුවරියන් තිදෙනා නිරුත්තර විය. එම දරුවාගේ කතාවේ සත්‍යයක් තිබේ. ඔවුන් තම නර්තන අංගය ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධාන ආරාධිතයා ප්රමුඛ ආරාධිතයන් නොමැති හිස් පුටුවලටය. එම කුඩා සිසුවා එළෙස වචනවලින් මුදා හරින ලද්දේ ඔහුගේ හිතට දැනුන ආවේගයයි. ලේඛකයා එම ප්‍රකාශයේ වරදක් නොදකී. අගතියට පත්වන්නට කව්රුවත් කැමති නැත.
මේ එක සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් තව කොපමණ ප්‍රමාණයක් මේ සමාජය තුළ වර්ථමානයේ සිදුවෙනවා ඇත්ද?
තවත් ඉතාම කෙටි සිදුවීමක් ලේඛකයාගේ මතකයට නැගේ. මෙයටත් ලේඛකයා කෙළින්ම සම්බන්ධය.
තමා දැනට සිදු කරන රැකියාව සහ ඒ ආශ්රිත සමාජ සම්බන්ධතා හේතුවෙන් මාසයකට දෙතුන් වතාවක්වත් ප්‍රධාන කෙසේ වෙතත් ආරාධිත අමුත්තෙකු ලෙස උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ලේඛකයාට සිදුවේ. මෙම සිදුවීම සිදුවූයේ එළෙස ඔහු පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අවස්ථාවකය. මෙම විදුහල ග්‍රාමීය විදුහලකි. සුපුරුදු පරිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අනෙකුත් ආරාධිත අමුත්තන් බොහෝ දෙනෙක් ක්‍රීඩා උත්සවය ආරම්භ වී මද වේලාවකින් පිටව ගිය අතර වේදිකාවේ ඉතිරි වූයේ ලේඛකයා සහ අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණි. එම විදුහල්පතිවරයා සහ විද්‍යාලය සමග සාර්ථක පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගැනීමට එම දිනයේදී ලේඛකයාට හැකිවූ අතර අවසානයේ "ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වී" ප්‍රධාන ජය සංඛේතය ප්රදානය කරන ලද්දේද ලේඛකයා විසිනි. මෙය මහා ලොකු දෙයක් නොවේ. නමුත් එම සිද්ධිය ලේඛකයා ජීවත්වන ප්‍රදේශයේ දින කීපයක් සාකච්ඡාවට බදුන් වූ අතර එම සිදුවීම ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට බදුන් වීමටද හේතු විය. වැදගත්ම කරුණ නම් එළෙස ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුද එදින එම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් වීම සහ තමන් කාර්ය බහුල බව ප්‍රකාශ කරමින් උත්සව භූමියෙන් පිටත් වූවන් වීමයි. එම සිදුවීම ලේඛකයාට කිසිදිනෙක අමතක නොවනු ඇත.
තමා දැනට සිදු කරන රැකියාව සහ ඒ ආශ්රිත සමාජ සම්බන්ධතා හේතුවෙන් මාසයකට දෙතුන් වතාවක්වත් ප්‍රධාන කෙසේ වෙතත් ආරාධිත අමුත්තෙකු ලෙස උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ලේඛකයාට සිදුවේ. මෙම සිදුවීම සිදුවූයේ එළෙස ඔහු පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අවස්ථාවකය. මෙම විදුහල ග්‍රාමීය විදුහලකි. සුපුරුදු පරිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන අනෙකුත් ආරාධිත අමුත්තන් බොහෝ දෙනෙක් ක්‍රීඩා උත්සවය ආරම්භ වී මද වේලාවකින් පිටව ගිය අතර වේදිකාවේ ඉතිරි වූයේ ලේඛකයා සහ අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා පමණි. එම විදුහල්පතිවරයා සහ විද්‍යාලය සමග සාර්ථක පුද්ගල සම්බන්ධතාවයක් ඇති කරගැනීමට එම දිනයේදී ලේඛකයාට හැකිවූ අතර අවසානයේ "ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වී" ප්‍රධාන ජය සංඛේතය ප්රදානය කරන ලද්දේද ලේඛකයා විසිනි. මෙය මහා ලොකු දෙයක් නොවේ. නමුත් එම සිද්ධිය ලේඛකයා ජීවත්වන ප්‍රදේශයේ දින කීපයක් සාකච්ඡාවට බදුන් වූ අතර එම සිදුවීම ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුගේ ඊර්ශ්‍යාවට බදුන් වීමටද හේතු විය. වැදගත්ම කරුණ නම් එළෙස ලේඛකයා හා සම තත්වයේ සිටි බොහෝ දෙනෙකුද එදින එම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයන් වීම සහ තමන් කාර්ය බහුල බව ප්‍රකාශ කරමින් උත්සව භූමියෙන් පිටත් වූවන් වීමයි. එම සිදුවීම ලේඛකයාට කිසිදිනෙක අමතක නොවනු ඇත.
මේ ලිපිය කියවන ඔබෙන් ලේඛකයාට ඉල්ලීමට ඇත්තේ එකම එක ඉල්ලීමකි. සමහරවිට මෙය කියවන ඔබ නුදුරු අනාගතයේදී ආරාධිත අමුත්තෙකු ලෙස උත්සවයකට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින්නෙකු විය හැකිය. සෑමවිටකම හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීමට උත්සාහගන්න. මන්ද යත් ආරාධිතයෙකු ලෙස හැකි උපරිම වේලාවක් එම ස්ථානයේ රැදී සිටීම මගින් ඔබට එම අවස්ථාව සංවිධානය කළ සහ ඔබට ආරාධනා කළ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කළ හැක. සමහරවිට ඔවුන් ඔබෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ හැක. හැකි සෑමවිටම එවන් ඉල්ලීම් ඉවත නොදැමීමට කාරුණික වන්න. එවන් අවස්ථාවක් සදහා සූදානම්ව සිටීම වැදගත් වේ. තමන් සහභාගී වන උත්සව අවස්ථාවේ ස්වභාවය පිළිබදව කල් ඇතුව දැනුවත් වීම මගින් මෙම සූදානම ලබාගත හැක.
එසේනම්, ඊළග වතාවේදී හෝ ආරාධිත අමුත්තෙකුගේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමට පාඨක ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්ය සහ ප්‍රඥාව ඇති වේවායි ලේඛකයාගේ එකම පැතුමයි.
ජය වේවා!!!
පිංතූරය උපුටාගත්තේ මෙතැනිනි...